Exam Subject Selecting

සුභම සුභ දවසක් යාලුවනේ....    අපි මේ කොටසින් ඔයාට කොහොමද විෂය ධාරාවක් ( Stream Selecting )  තෝරා ගන්නේ කියල විස්තර කරන්න යන්නෙ  මේවා ඔයාට ගොඩාක් වැදගත් වේවි.. මං මේවා ඔයාට ගොඩක් කෙටියෙන් කියන්න බලාපොරොත්තු වෙනවා මොකද මේ කියවන ඔයාට ගොඩක් කාලේ ගොඩාක් වටිනා නිසා...

*  ඉතිංන් අපි කොහොමද විෂයයක් තෝරා ගන්නෙ......
                
       ඔයා තෝරගන්න විෂය අනිවාර්යෙන්ම ඔයා කැමතිම විෂය හරි ඔයා දක්ෂම  විෂය හරි වෙන්න වෙන්න ඕනේ...  වෙන අය කියන විදියට වෙන අය කරන විදිහට ඔයා විෂයක් තෝරගෙන කරන්නන් වාලේ කරලා වැඩක් නැහැ...   මේ වෙලාවෙදි ඔයා ඔයාගේ හිතට ඔයා ඔයාගේ කැමැත්තට ඉඩ දෙන්න ඕන...  හැබැයි මෙන්න මේ වෙලාවෙදි ඔයා හිතන්න ඕනේ පොඩි පැතිකඩවල් ටිකකුත් තියෙනවා 
ඔයා විෂයක් තෝරගන්න කොට මෙන්න මේ කරුණු පිලිවෙලට  ප්‍රමුඛත්වය දෙන්න  ( Give your priority according to this list )


1. ඔයාගේ දක්ෂතාවය 
2. ඔයාගෙ කැමැත්ත ( මෙතනදි මෙන්න මේ ගැනත් හිතන්න  ඔයා උපතින්ම ධනවත් කෙනෙක් නම් ඔයාට ඔයාගේ ඔයාගෙ කැමැත්ත අංක 1 කර ගන්න පුළුවන් හැබැයි ඔයා මං ඔය සාමාන්‍ය කෙනෙක් නම් ඔයා ගැන වගේම ඔයාගේ අම්මා තාත්තා නංගි මල්ලි ගැන හිතලා ඔයා දක්ෂ විෂයට තැන දෙන්න...)
3.වර්තමාන සමාජයේ රැකියා අවස්ථාවන් 
4.ඉහල වැටුපක් 
5.රැකියාවේ ඉදිරියට යාමට ඇති හැකියාව 
6.වර්තමාන සමාජයේ නව ප්‍රවණතාවය 
7.ඉගෙන ගන්නා පාසල හා ගුරුවරුන් 

        මෙන්න මේ දේවල් ගැනත් හිතල හොදට හොයල බලල ඔයා විෂය තෝරා ගන්න ඕනේ 

                     මං ඔයාට අන්තිමට දෙයක් කියන්නම්   මේ දේ හොඳට මතක තියා ගන්න , දැන් ඉන්න ඔයා නෙමෙයි අනාගතයේ ඉන්න කෙනා එය හාත්පසින්ම වෙනස් අති දක්ෂයෙක් වෙන්න පුළුවන්...   ඒ නිසා ඔයා ආත්ම විශ්වාසය තියාගෙන ඔයාගෙම විශය දෙගිඩියාවකින් තොරව තෝර ගන්න..   

Yes...    you can win  


ජයෙන් ජය...

Comments