Educational Tricks 01

දෙයක් මතක තියාගන්න ඕන වුණාම අපි  විවිධ  ක්‍රම අනුගමනය කරනවා..  සමහරුන්ට සුවිශේෂී ක්‍රමත් තියෙනවා..  අපි ඒවා අතරින් සාර්ථක වගේම අසාර්ථක වුණ ක්‍රම  ගැනත් හොයලා බලමු. ( Don't follow unsuccessful ways.. These are only for your own sake )


1)  පොත බලාගෙන  කියවීම 


ඔබත් මමත් දන්නා ප්‍රසිද්ධම ක්‍රමය වන මෙය තුළ අසාර්ථක වන පිරිස බහුලය.     නමුත් සිතට අන්තර්ගතය ගෙන  ශබ්ද නගා  කියවීමෙන්  ඔබට වැඩි ප්‍රතිශතයක් මතක තබා ගත හැක.



2)  ලිය ලිය පාඩම් කිරීම 


ලිය ලිය පාඩම් කිරීම එක්තරා සාර්ථක ක්‍රමයක් වන අතර ඔබ ලියන විට ඔබගේ ඇඟිලි මනස සමඟ සම්බන්ධ වීමට උත්සාහ කරන අතර එය දිගු මතකයකට උපකාරී වේ.  තව ද ඔබ ලියන විට ඔබ පාඩම් කරන කරුණු වලට වැඩි අවධානයක් යොමු වීම සිදුවේ..  තවද ඔබට ලියනු ලැබූ  කොටස් එම මොහොතේදී ශබ්ද නගා කියවීමට හැකි නම් මෙහි සාර්ථකත්වය ඉහළය.  සමහරුන් පාඩම් කළ මොහොතේ මෙන්ම පසුවත්  මතකයෙන් කරුණු ලිවීමට උත්සාහ කරන අතර ඒවා ද ඉහළ ප්‍රතිඵල වලින් යුක්තය.  මෙහිදී ඔබට Exam ළංවන විට ඔබ පාඩම් කිරීමට ලියූ කරුණු Short note වශයෙන් නොමිලේම ලැබෙනු ඇත..   එය ඔබට මහත් රුකුලකි.


 3) මනෝ ක්‍රමය


මනෝ ක්‍රමයක් ලෙස මෙය නම් කළේ මෙහිදී වැඩිපුර සිදුවනුයේ  මනසින් සිතීම නිසාය.  මෙහිදී යම් එක් කරුණක් ගැන දැඩිව අවධානය යොමු කොට පොත දෙස නොබලා ඇස් පියාගෙන හෝ වෙන දිශාවක් බලා ඔබ ඒ අවධානය යොමු කළ කරුණ දීර්ඝකාලීනව මතක සිටින තෙක් සිතින් නැවත නැවත සිහිපත් කිරීමයි..  එසේ සෑම කරුණක්ම  ඔබට සෑහීමට පත්විය හැකි වන තුරු සිහිපත් කළ යුතුය. ඔබ ඇස් පියා ගැනීමකින් තොරව වෙනත් දිශාවක්  දෙස බලා සිටීමට ප්‍රිය කරන්නේ නම්  ඔබ බැලිය යුත්තේ  හිත සන්සුන් කරවන දසුනක් දෙසය. චලනය වන වස්තූන් දෙස , අවුල් සහගත  ස්ථාන දෙස , ඇස් වලට අපහසු තාවයක් දක්වන වර්ණ දෙස , ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් දෙස මෙන්ම ඔබේ අවධානය බිඳෙන ස්ථානයන් දෙස මේ අවස්ථාවේදී බැලීමෙන් වලකින්න.

4) Mind mapping 


Mind map යනු මූලිකවම තොරතුරු සංවිධානය කිරීමට යොදාගන්නා රූපසටහනකි.  මෙහිදී  සාමූහිකව ගැටලුවක් විසඳීමට , යම් දෙයක් පිළිබඳව නව අදහස් ලබා ගැනීමට , එම අදහස වර්ග කිරීමට , තීරණ ගැනීමට  මූලිකවම යොදා ගනු ලැබූවත් යමක් පිළිබඳව කරුණු ලබා ගැනීමට , සාරාංශ ගත කිරීමට , ක්‍රමානුකූලව මතකයේ තැන්පත් කර ගැනීමට වැනි අධ්‍යාපන කටයුතු සඳහාද යොදාගනු ලබයි. 
 Mind-map එකක ප්‍රයෝජන mind map එකක් තුළින්ම  පහත දක්වා ඇත. 
මෙහිදී mind map ගැන පුළුල් විස්තරයක් කතා නොකරන අතර ඉදිරියේදී වෙනත් බ්ලොග් එකකින් ඒ පිළිබඳව කතා කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.




5) Mind Palace



Comments